19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළැයි කළුතර උතුරේ 15 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට


  19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.

19 හැවිරිදි තරුණියගේ මව පොලිසියට පැමිණ සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිල්ල සහ විත්ති පාර්ශවයේ නිවාස එකම ප්‍රදේශයක පිහිටා තිබෙන අතර කලක සිට පැවතෙන ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකත් දමිත් ජයතිලක මහතාගේ උපදෙස් මත පර්යේෂණ පැවැත්වේ.

Post a Comment (0)
Previous Post Next Post