ආපන ශාලාවේ කාන්තාවකට අතවර කෙරූ මොනරාගල විදුහල්පති අඩංගුවට


 කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මොනරාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දොඹගහවෙල පොලීසිය විසින් මාර්තු 3 වෙනිදා රාත්‍රියේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පාසලේ ආපන ශාලාවේ සේවයේ නිරතව සිටි කාන්තාවකට සැකකාර විදුහල්පතිවරයා අතවර කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවටගත් සැකකාර විදුහල්පතිවරයා අද (මාර්තු 04) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment (0)
Previous Post Next Post