සිසුන් දෙදෙනෙකු අපයෝජනය කල කතරගම පාසලක විදුහල්පති අත්අඩංගුවට


පාසල් සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකලැයි කියන  කතරගම ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක්  කතරගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය . 

විදුහලේ 8 සහ 9වසර වල  ඉගෙනුම ලබන මෙම සිසුන් ක්‍රීඩා කටයුතු වලට පාසැලට පැමිණී විට ආහාර ගැනිමට වෙන්කර ඇති කාමරය තුලදී ලිංගික අපයෝජනය සිදුකර ඇතැයි පොලිසිය පැවසීය . 

එක් සිසුවෙකුට 2021 වසරේ සිටත් අනෙක් සිසුවාට 2023 වසරේ සිටත් විදුහල්පති වරයා ලිංගික අපයෝජනයක් සිදුකල බවට ඔවුන් ඊයේ  (22) කතරගම පොලිසියට පැමිණිලි කර තිබේ .   

අත් අඩංගුවට ගත් විදුහල්පතිවරයා 49 හැවිරිදි විවාහකයෙකි.

Post a Comment (0)
Previous Post Next Post