රාත්‍රියේ පෙම්වතිය හමුවෙන්න ආපු පෙම්වතා පාළු ළිඳකට වැටී මිය යයි


 හලාවත, තොඩුවාව ප්‍රදේශයේ නිවසක නවාතැන් ගෙන සිටින සිය පෙම්වතිය හමුවීමට එම නිවසේ පිටුපස දෙසින් පැමිණි පෙම්වතා නිවැසියන් දැක බියවී දිව යද්දී පාළු ළිඳකට වැටී පසුගියද‍ා මියගොස් ඇතැයි තොඩුවාව පොලිසිය පවසනවා.

මෙම තරුණයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පෙම්වතියට මෙම නවාතැන සොයාදී ඇත්තේ ද ඔහු විසින් බව වාර්තා වනවා.

සිද්ධිය වූ දින රාත්‍රියේදී ඔහු පෙම්වතියගේ නිවස අසලට යතුරුපැදියෙන් පැමිණ එම යතුරුපැදිය වෙළෙඳසැලක් ඉදිරිපිට නතර කර පෙම්වතිය හමුවීම සඳහා එම නිවසේ පිටුපස දෙසින් පැමිණ තිබෙනවා.

සිය පෙම්වතා පැමිණි බව පෙම්වතිය නිවසේ හිමිකරුට පවසා ඇති අතර, ඔහු නිවස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ බියට පත්ව පෙම්වතා දිව යද්දී මෙම පාළු ළිඳට වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

Post a Comment (0)
Previous Post Next Post