සෑම දින හතරකට වරක් ඕස්ට්‍රේලියාවේ කාන්තාවක් ඝාතනය වෙනවලු


කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳව දැඩි නීති පනවන ලෙස ඕස්ට්‍රේලියානුවන් ඉල්ලා සිටිනවා.කාන්තා හිංසන රැල්ලට ප්‍රතිචාර වශයෙන් ඕස්ට්‍රේලියාව පුරා රැළි පැවැත්වෙනවා.ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ජාතික හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර එය නැවැත්වීම සඳහා දැඩි නීති පැනවීම මෙම විරෝධතාකරුවන්ගේ අරමුණයි.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් කියා සිටියේ මෙම ගැටළුව ජාතික අර්බුදයක් බවට පත්ව ඇති බවයි.ඕස්ට්‍රේලියාවේ මේ වසරේ මේ දක්වා සෑම දින හතරකට වරක් කාන්තාවක් ඝාතනය වී තිබෙනවා.දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් කැන්බරා අගනුවර පැවති පාගමන් සඳහා එක්ව සිටියා.


Post a Comment (0)
Previous Post Next Post