AL ප්‍රශ්න පත්තර රකින්න ආ පොලිස් කොස්තාපල් බීලා යකා නටලා

 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගබඩා කර තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ ආරක්ෂක රාජකාරි අතරතුරදී මත්පැන් පානය කර එම විද්‍යාලයේ දේපළවලට හානි සිදුකළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකි.

අදාළ පොලිස් කොස්තාපල්වරයා ඉකුත් අගෝස්තු 15 වැනිදා සිට එම විද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිට ඇත. එම රාජකාරි කාලසීමාව අතරතුර, එනම් අගෝස්තු 19 වන දින අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකු සමඟ එක්ව මත්පැන් පානය කර විද්‍යාලයේ දේපළවලට අනර්ථයක් සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියට අදාළව අදාළ කොස්තාපල්වරයාගේ රාජකාරි වැඩ තහනම් කිරීම පෙරේදා (10) දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇති බව කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.

කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.

Post a Comment (0)
Previous Post Next Post