රාජකාරී පීඩනයට සේවයෙන් පිටවූ දෙහිවල රථවාහන ස්ථානාධිපතිගේ වැඩ තහනම්

 දිගින් දිගටම එල්ල වූ රාජකාරී පීඩනය හමුවේ ඇති වූ මානසික ව්‍යාකූලතාව හේතුවෙන් තවදුරටත් සේවය කිරීමට නොහැකි බව පවසමින් තාවකාලිකව සේවා ස්ථානයෙන් පිටව ගිය දෙහිවල පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ප්‍රණීත් උදයංග මහතාගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පියවර ගෙන තිබේ.

අදාළ නිලධාරියා මෙලෙස හදිසියේ රාජකාරී ස්ථානයෙන් නික්ම යාම සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලිපියක් මගින් දැනුම් දීමක් සිදු කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, අදාළ සිද්ධිය පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත නියෝග කර තිබේ.

Post a Comment (0)
Previous Post Next Post