රේගුවේ පැය 18,225ක අතිකාල(OT) හොරකමක් විගණනයකින් හෙළිවෙයි

customs

ශ්‍රිලංකා රේගුවේ අංශ පහකට අයත්  නිලධාරින් 77 දෙනෙකුට ආසන්න පිරිසක්  රේගු 221  අතිකාල ලේඛනයේ අත්සන් තබා   පැය 18,225ක්  අතිකාල සේවයේ නිරතවු බවට සදහන් කරමින් අතිකාල දිමනා ලබාගෙන තිබුණද  එකි දිනවල  එම අංශ  රාජකාරි කටයුතු සදහා විවෘතකර නොතිබු බව  අනාවරණය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකි නිලධාරින් පිරිස 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ  සති අන්ත නිවාඩු දින 10කදි රේගු 221  අතිකාල ලේඛනයේ අත්සන් තබා   පැය 18,225ක්  අතිකාල සේවයේ නිරතවු බවට සදහන් කරමින් අතිකාල දිමනා ලබාගෙන තිබුණි.

එමෙන්ම  මෙම අංශවල නිලධාරින් 2025 වර්ෂයේ දෙසැම්බර් මස 15 සිට 19 දින දක්වා කාලය තුල ප.ව 4.45 සිට පසුදින පෙ.ව 8.00 දක්වා  අතිකාල රාජකාරියේ නිරතවු බවට  රේගු 221  අතිකාල ලේඛනයේ  සටහන්කර  තිබුණි. එහෙත් අදාළ කාර්යාල  ප.ව 4.30ත් ප.ව 9.45ත් අතර  කාලය තුල වසා  යතුරු භාරදි තිබු බව  අනාවරණය වි ඇත.

 රේගු නිලධාරින්ගේ පැමිණිම හා පිටවිම නිවරදිව තහවුරුකර ගැනිමට  ඇගිලි සලකුණු යන්ත්‍ර ස්ථාපිත කිරිම  සම්බන්දයෙන්  කඩිනමින් අවධානය යොමුකළ යුතු බවට  විගණනය මගින් නිර්දේශකොට ඇත.

Post a Comment (0)
Previous Post Next Post