පොලිස් නෝනෙක්ව නාන හැටි වීඩියෝ කළ කොස්තාපල් රිමාන්ඩ්


 පොලිස් කාන්තාවක දියනාමින් සිටියදී ඇයට හොරෙන් එය වීඩියෝ ගත කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ළිදුල පොලිසිය කියයි.

මෙම සිද්ධිය පසුගිය දෙසැම්බර් මාසයේ සිදුවී ඇත. සිද්ධිය පිළිබඳව මාස කීපයක් තිස්සේ කළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසියේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවැසීය.

මොහුගේ සේවය අත්හිටුවා තිබේ.


Post a Comment (0)
Previous Post Next Post