කොස්ගම මීනිවළක් හාරා තොයිලයක් නටලා


 කොස්ගම පරණගම සුසාන භූමියේ වළ දමා තිබූ තරුණයන් දෙදෙනෙකුගේ මිනී වලක් කැණීම් කර තොවිලයක් නටා ඇතැයි  කොස්ගම පොලිසිය පවසයි.

කොස්ගම - තාවල්ගොඩ ඇලේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු පසුගිය මැයි මස 16 වන දින  දියේ ගිලී ජිවිතක්ෂයට පත් වූ අතර පසුව ඔවුන්ගේ දේහයන් කොස්ගම - පරණගම පොදු සුසාන භූමියේදී මිහිදන් කර තිබුණි.

එලෙස මිහිදන් කර තිබූ දේහයන් පසුගිය 14 වන දින අළුයම කිසියම් පිරිසක් එම මිනීවල කිසියම් කණ්ඩායමක් විසින් අඩි 02 ක් පමණ ගැඹුරට කැණීම් කර ඒ අසල කිසියම් තොවිල් කටයුත්තක් සිදුකර තිබූ බවට එම තරුණයගේ මව්පියන්ට ලද තොරතුරකට අනුව ඒ පිලිබදව පොලිසියට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව පරීක්ෂණ සිදුකළ අතර සුසාන භූමිය අසල නිවසක තිබූ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී අළුයම් කාලයේ කන්තත අසල සිට යම් කිසි දෙයක් පටවාගත් කුඩා ලොරි රථයක් සහ යතුරු පැදියක් ගමන් කරන ආකාරය පොලිස් නිළධාරීන් ට දැකගත හැකිව තිබුණි.

ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කළ පොලිසිය ලොරිය රථය ගමන් ගත් එම නිවැසියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ තම බිරිඳගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් යම් තොවිල් කටයුත්තක් සිදු කිරීමට කටයුතු බවත් ඒ සඳහා මහියංගණය ප්‍රදේශයේ යකදුරන් පිරිසක් සහභාගී වූ බවත් අනාවරණය වී තිබුණි

මීට සම්බන්ධ යකදුරන් පිරිස අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කරන බවත් කොස්ගම පොලිසිය වැඩිදුටත් පැවසීය.


Post a Comment (0)
Previous Post Next Post