
අහංගම කතළුව ප්රදේශයේදී අද (26) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් සිව්දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
පොලිසිය සඳහන් කරන පරිදි අනතුරට හේතු වී ඇත්තේ ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට දැරූ උත්සාහයකි. මාතර සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ අදාළ ටිපර් රථය, වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඊට ඉදිරියෙන් ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
කතළුව පාලම සහ හංදිය ආශ්රිත ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය විසින් මේ වනවිට විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.