
අයිස් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 200 කට අධික ප්රමාණයක් සහ හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 275 අධික තොගයක් දකුණු මුහුදු වෙරළ ප්රදේශයෙන් සොයා ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අද හැකි වුණේ ඔවුන් එක්ව සිදු කළ මෙහෙයුමකදීය.
මාතර, තලල්ල, නාඔටුන්න වෙරළ ප්රදේශයේදී සොයා ගත් එම මත්ද්රව්ය තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත. මෙම ඩිංගි යත්රාවේ මත්ද්රව්ය අඩංගු උර 10ක්, ගමන් මළු 11ක් තිබුණි.